ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

මධ්‍යම පාලාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් කටුගස්තොට නගරයේ සිට සැතපුම් 4 ක් ඔබ්බෙන් වූ ගෝනිගොඩ ග්‍රාමය මධ්‍යයේ පිහිට ඇති මෙම විදුබිම වර්ෂ 1930 ක් වූ දුරුතු මස 30 වන දින ආරම්භ කරන ලදී . ඩී .බි .විල්අමුණ ,අයිසෙක් විරතුංග  ,පීරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අත්තරගම විහාර වාසි ශ්‍රී පියරතන නායක ස්වාමියන්ගේ දායකත්වයෙන් මෙම බෞද්ධ පාසැල 1930දී ආරම්භ කරන ලදී. ඒ අනුව අත්තරගම රජමහා විහාර වාසි ශ්‍රී පියරතන නා හිමියන් විසින් පන්සල් භුමියට අයත් ඉඩමක මෙම විදුහල ගෝනිගොඩ ශ්‍රී පියරතන යන නාමයෙන් ආරම්භ කරන ලදී. පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 10ක් වූ අතර ආරම්භයේදී මුල් ගුරුතුමා වුයේ අලගොඩ මහතායි.එක් ගුරුවරයෙකුගෙන් සමන්විතව ඇරඹු මෙම පාසල 1938 දී ළමුන් 138 හා ගුරුවරුන් 2ගෙන් සමන්විත වූ අතර එම වර්ෂයේදීම රජයට පවර ගනු ලැබින.1957දී පමණ උසස් පෙළ විෂයන් ආරම්භ කරන ලදී . 1961 දී මෙම පියරතන විදුහල මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ක්‍රමක් ක්‍රමයෙන් සංවර්ධනය විය.මෙම පියරතන විදු පියසෙහි ප්‍රථම සරසවි වරම්  ලැබීමට 
ආර් .බී.සෙනෙවිරත්න සිසුවා 1964 දී සමත් විය.

ආරම්භයේදී පොල් අතු සෙවිලි කර එක් කුඩා ගොඩනැගිල්ලක ආම්භ කල මෙම පාසල කාලයාගේ ඇවෑමෙන් බොහෝ සේ දීයුණු වී 2001 වර්ෂය වන විට පාසල සතුව තෙමහල් ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිලි 8ක් ද ස්තාපානය විය. මෙවකට ශිෂ්‍ය සංඛ්‍යාව 1200කට ආසන්න වූ අතර උසස්පෙළ, කලා, වාණිජ යන විෂය ධාරාවන් ද්විත්වයෙන් ඉගෙන්වීම් කෙරුණි. පරිඝනක ඒකකයක්, පුස්තකාලයක් මෙන්ම විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වන බාලදක්ෂ, පේෂකර්ම, කෘෂිකර්මය යන අංශ වර්ධනය විය,

1997.02.03 දින පාසලට පත්වීම් ලැබ පැමිණි පි.ඊ.එස්. අල්විස් මහතාගේ මූලිකත්වයෙන්  විවිධාකාර වූ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් මෙම පාසලේ සිදු කල අතර ළමුන් සංඛ්‍යාව දක්වා ඉහලනැංවීමට කටයුතු කරන ලදී  . මෑත ඉතිහාසයේ බොහොමයන්ගේ අවධානයට ලක් කරුණක් ලෙස 2013.01.02 වන දින ශ්‍රී පියරතන මහා විද්‍යාලය යන නාමය මහනුවර ආනන්ද විද්‍යාලය ලෙස වෙනස් කිරිම හැදින්විය හැකිය.2016.12.31 දින මෙම පාසලෙන් ප්‍රථමික අංශය ඉවත් කිරීම පාසලේ මෑත ඉතිහාසයේ වෙනස් වූ සිදුවීමකි.

2018.07.06දී විදුහල්පති ධුරය හෙබ වූ ආර්.එම්.පී .පී. රත්නයක මහතාගේ  මහත් වූ දායකත්වය ඇතිව පාසලේ සංවර්ධන ක්‍රියා බොහොමයක් සිදු වූ අතර මේ වන විට පාසලේ තෙමහල් ගොඩනැගිලි 1ක්, දෙමහල් ගොඩනැගිලි 3ක්, හා තනිමහල් ගොඩනැගිලි 12කින් සමවිත වේ.