සිරි සර ලකඹර - පැහැසර දිනපති
ගුණ මිණ සරසවි ඔබ වේ
සෙත් සිරි සාදන - නැණ ගුණ පාදන
සුන්දර කඳුරට පුරයේ
පියරතන විදුපියස ඔබවේ මෑණි අපේ
ජය වේ //
දින දින ජය ජය වේ
සිය දෙස සිය රැස - පණ නල නංවන
සිප් කිරි ජයවර
ගුරු හරසර නිති සුවදේ
සිරි සර විකුමැති - මනහර හෙළ ගති
සිත පුබුදන විදු බිම අපේ
පියරතන විදුපියස ඔබවේ මෑණි අපේ
ජයවේ //
දින දින ජය ජය වේ
යුග යුග මෙහෙවර - පුබුදන දියවර
නැණ මුවදොර සිප
දළදා මෙත් ගුණ ගඟුලේ
ඔද තෙද බල ඇති - පියුමකි සුවදැති
අප ඔබ තුරුලේ නිබඳේ
පියරතන විදුපියස ඔබවේ මෑණි අපේ
ජයවේ
දින දින ජය ජය වේ!





