විදුහල්පති පණිවිඩය
ජී .ජී .එන්.පී.බී. ගන්නිලේ
ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ලෙස මම මෙම පණිවිඩය පාසලේ නිල වෙබ් අඩවියට දැනුම් දෙමි.
වසර 94ක අභිමානවත් ඉතිහාසයකට වග කියූ සියලුම විදුහල්පතිවරු ගෞරවයෙන් සිහිපත් කරමි. හොවාඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව විවිධ සිසුන් විවිධ බුද්ධීන්ගෙන් සමන්විත වන අතර ඒ සඳහා පාසල තුළින් අත්දැකීම් හා අවස්ථාවන් සපයා දෙමින් සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම අපගේ එකම අභිප්‍රාය බව සඳහන් කිරීම ඉතා කැමැත්තෙමි. අධ්‍යාපනික ප්‍රතිපත්තිවලට අනුකුලව යමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂයකින් හෙබි අනාගත වැඩ ලොවට පිවිසිය හැකි අනන්‍යතාවක් සහිත අභියෝග ජයගෙන අරමුණු කරා ළඟා වන දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා මං පෙත් විවර කිරීම අපගේ වගකීමයි.
නව ලොවට අනුගත වෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරමින් දරු දැරියන්ගේ සාධන මට්ටම් මෙන්ම නිපුණතා සංවර්ධනය ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ. පාසලේ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම ලබා දෙන දායකත්වය පිළිබඳ මගේ සුභ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.
ජී .ජී .එන්.පී.බී. ගන්නිලේ
විදුහල්පති
ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය .





