පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන කැඩපත වනුයේ පාසල් නිළ ඇඳුමයි. එය පහත ආකාරයට සකසා ඇඳිය යුතුයි.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ වම් ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.


පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ වම් ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැළඳිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැළදීම නොකළ යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.


ගැහැණු ළමුන් (1-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය ගවුමේ වම් කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- ගවුමේ ඉන වාටියට පහළින් දකුණු හා වම් පසින් සාක්කු 2ක් මසා තිබිය යුතුයි.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොණ්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා ගොතා කෙලවර නවා සුදු රිබන් පටියකින් ගැට ගසා තිබිය යුතුයි.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.







