ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මඟ කියනා තරුය අකුරු..!

Food Fiesta!

slide 1.png
slide 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ලුතිතන් කර්නල් යූ.කේ.එස්. රත්නායක

ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය නමින් ස්ථාපිත  කරනු ලබන වෙබ් පිටුව සබැඳිව මගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම, විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. වෙනස්සවන ලෝකයට අනුගතව යා හැකි දරු පරපුරක් සමාජගත කිරීමේ දැක්මෙන් ක්‍රියාත්මක වන මෙම පාසල සතුව ඒ සදහා අවැසි මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත් තරම් තිබීම සතුටට කරුණකි.

වත්මන් දරු පරපුර වෙනස්වන ලෝකයට අනුගත කිරීමෙහිලා ඉතා වැදගත් මෙවලමක් ලෙස සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබදව ඔවුන් තුළ වර්ධනය කළ යුතු නිපුනතාවන් ඉතා ඉහළ වැදගත්කමක් ගනී. ඒ අනූව පාසල සතුව වෙබ් පිටුවක් නිර්මාණය වීම නූතන තාක්ෂණ ලෝකය සමග දරුවන් සමායෝජනය කිරීම සදහා ඉතා වැදගත් වේ.එමගින් දරුවන්ගේ සුවිශේෂී වූ විජයග්‍රහනයන්,දක්ෂතාවන් මෙන්ම තාක්ෂණිකමය නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමෙහිලා එන වේදිකාවක් නිර්මාණය වේ. එය දරුවන් නූතන තාක්ෂණ ලෝකය කරා නැඹුරු  කරවීමේ ප්‍රධාන මෙවලමක් ලෙසද හැදින්විය හැකිය. තවද දරුවන් සාමාන්‍ය සමාජය මෙන්ම අනෙකුත් පාසල් සමාජ සමග සහ වැඩ ලෝකය සමග සහසම්බන්ධ කරවීමට හා තාක්ෂණිකමය දැනුම හා කුසලතා වර්ධනය කර ගනිමින් අත්දැකීම් හා විවිධ විභාවතවන්ගෙන් පරිපූර්ණ වීමටත් මෙය මහගු හේතුවක් වනු ඇති බව මා ගේ විශ්වාසයි.

මේ සබැඳිව කටයුතු කරනු ලබන සියලුම අයවළුන්හට මාගේ විශේෂ ස්තුතිය පුදකර සිටින අතර සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයිද ප්‍රර්ථනා කර සිටිමි.   

ලුතිතන් කර්නල් යූ.කේ.එස්. රත්නායක
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය .